May 20, 2024

දෙවැනි එක්දින තරඟයේ දී මුෂ්ෆිකුර් රහීම් කඩුල්ල පිටුපස සිට කළ කුමන්ත්‍රණයක් හෙළිවෙයි (VIDEO)

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ 03කින් යුතු එක්දින තරඟාවලියේ ජය මේ වන විටත් 2-0ක් ලෙස බංග්ලාදේශය හිමි කරගෙන තිබේ.

දෙවැනි තරඟයේ දී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකූර් රහීම් පන්දු 127කට මුහුණ දී ලකුණු 125ක් ලබා ගැනීමට සමත්විය.

මෙම දෙවැනි එක්දින තරඟයේදී ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේද මුෂ්ෆිකුර් රහීම් විසින් කඩුල්ල පිටුපස සිට එම අවස්ථාවේ පන්දු යවන්නාට කී කතාවක් පන්දුවට පහර දෙන ක්‍රීඩකයාගේ අන්තයේ ඇති කඩුල්ලේ මයික්‍රෝෆෝනයේ සටහන්ව ඇති අතර එය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ‍.

එහිදී මුෂ්ෆිකුර් රහීම් විසින් එම අවස්ථාවේ පන්දු යවමින් සිටි මෙහෙදි හසන් හට බෙංගාලි භාෂාවෙන් පවසා තිබුණේ පන්දු යවන්නාගේ අන්තයේ සිටින ක්‍රීඩකයා ඉදිරියට පැන්නොත් ඔහුව තල්ලු කර බිම දමන ලෙසයි.

පන්දු වාර 38ක් තුළ ලකුණු 126ක් ලබාගෙන ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක පසු වූ අතර වර්ෂාව හේතුවෙන් තරඟය නවතා දමා නැවත ආරම්භ කරන අවස්ථාවේ පන්දුවාර 02ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 119ක ඉලක්කයක් හිමිවිය.

නමුත් එම ඉලක්කය සපුරා ගැනීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොතිබීම හේතුවෙන් බංග්ලාදේශය දෙවැනි එක්දින තරඟය ලකුණු 103කින් ජය ගැනීමට සමත් වන්නේ තරඟාවලියේ ජයග්‍රහණය මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට තරඟාවලියකද ජයග්‍රහණය හිමිකරගනිමිනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 28 May 2021 14:44