May 17, 2024

තරඟයේ තීරණය වෙනස් කළ සඳකැන්ගේ වයිඩ් පන්දුවට කුසල් රැක ගත්ත සුපිරි උඩ පන්දුව මෙන්න

බංග්ලාදේශය සහ සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම අතර පවත්වන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවැනි තරඟය අද (25) සරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

පළමු තරඟයේ මෙන්ම දෙවැනි තරඟයේ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර සිය අණසක පතුරුවන්නට සමත්වූ අතර අද පැවැත්වූ දෙවැනි තරඟයේ විශිෂ්ඨ දක්ෂතා දැකගත හැකිවිය.

මෙහිදී මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙළ කඩුළු කිහිපයක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වූ නමුත් බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් යුවලක් වන මුෂ්ෆිකු රහීම් සහ මහමදුල්ලා එක්ව නැවත තරඟයේ වාසිය ඔවුනට ලබාගනිමින් සිටියේ සාර්ථක පිතිකරණ සම්බන්ධතාවයක් පවත්වා ගනිමිනි.

මෙහිදී මහමදුල්ලාගේ තිරණාත්මක කඩුල්ල දවා ගැනීමට 33 වෙනි පන්දුවාරයේ 03 වෙනි පන්දුවේදී ලක්ෂාන් සඳකැන් සමත් විය.

වයිඩ් පන්දුවක් ලෙස සඳකැන් එම පන්දුව යොමු කරන අතර එයට හරවා පහර එල්ල කිරීමට උත්සාහ කළ අතර කඩුළු රකිමින් සිටි නායක කුසල් පෙරේරා එය විශිෂ්ඨ උඩ පන්දුවක් ලෙස රැකගැනීමට සමත්විය.

ඒ අනුව 06 පහර දෙකක් සහ 4 පහර එකක් සමඟින් ලකුනු පන්දු 58කදී ලකුණු 41ක් ලබාගෙන සිටි මහදුල්ලා දැවී ගියේය.

එම උඩ පන්දුව රැකගත් අයුරු දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)