May 20, 2024

ලංකා - බංගලි සටනෙන් දෙදෙනෙකු හැලී යයි

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද බංග්ලාදේශ සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධයන්ට ලක් වී තිබෙනවා.

රුබෙල් හුසේන් සහ හසන් මහමුඩ් මේ දෙදෙනා යි.

මේ හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මෙම දෙදෙනාට අහිමි වනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග තරගාවලිය සඳහා නම්කර සංචිතයට වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙකු එක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් අබේඩීන් පවසනවා.

වේග පන්දු යවන්නන් වන අදාළ ක්‍රීඩකයින් දෙදෙනා ද ඇතුළුව  23 කුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සමග තරගය සඳහා බංග්ලාදේශය නම් කොට තිිබෙනවා.

සංචිතයට ඇතුළත් සිටිය දී ආබාධයන්ට ලක් වූ මොසදෙක් හුසේන් සහ මොහොමඩ් ශෆියුදීන්ගේ ආබාධයන් සුව අතට හැරී තිබෙන අතර ඔවුන් බංග්ලාදේශ අවසන් 15දෙනාගේ සංචිතයට ඇතුළත් වන බව සඳහන්.

මේ අතර පසුගිය දා ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියට සහභාගි නොවූ, එහෙත් IPL තරගාවලියට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහමාන් මෙම එක් දින තරගාවලියට එක්ව සිටිනවා.

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ඉඟි පළ කරන්නේ සුපුරුදු 3 වැනි පිතිකරු ස්ථානයේ ශකීබ් ක්‍රීඩා කරනු ඇති බවයි.

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේවන විටත් බංග්ලාදේශය බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය නිරෝධායන කාලය අවසන් කර ඇති අතර ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ මෙම තරගාවලිය සඳහා එක්වනවා.

මේවන විට නම් කොට ඇති 23 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතය මෙසේ යි.

ටමීම් ඉක්බාල් (නායක), මොහොමඩ් නයිම්, ඉම්රුල් කයිස්, ලිටන් ඩස්, සෞම්‍ය සර්කාර්, නජ්මුල් හුසේන් ශැන්ටෝ, ශකීබ් අල් හසන්, මුශ්ෆිකර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා, අෆිෆ් හුසේන්, මොසදෙක් හුසේන්, මෙහෙදි හසන් මිරාස්, ටයිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, නසුම් අහමඩ්, මොහොමඩ් ශෆියුදීන්, මුස්ටෆිසර් රෙහමාන්, ටස්කින් අහමඩ්, ශොරිෆුල් ඉස්ලාම්, ශොහිදුල් ඉස්ලාම්, රුබෙල් හුසේන්, හසන් මහමුඩ්



Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 08:08