May 20, 2024

එක්දින තරඟාවලියේ දැවැන්තම අභියෝගය “වනිඳු හසංරග” බවට බංග්ලාදේශය කියයි

බංගල්දේශ එක්දින කණ්ඩායම මුහුණ දීමට නියමිත දැවැන්තම අභියෝගය වනිඳු හසරංග වනු ඇති බවට එරට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. වනිඳුගේ පන්දු යැවීමට මුහුණ දීම සඳහා බංග්ලාදේශය විශේෂ අධ්‍යයනය නිරත වීමට නියමිත බවත් සඳහන්.

බංග්ලාදේශ කණ්ඩායමේ වීඩියෝ විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරනු ලබන ශ‍්‍රිනිවාස් චන්ද්‍රසේකරන් විසින් ප්‍රකාශ කර තිබුණේ හසරංගට ඔහුගේ පන්දු යැවීමෙන් ක්‍රීඩාව වෙනස් කිරීමේ හැකියාව ඇති බැවින් ඔවුන් ගැන සැලකිලිමත් විය යුතු බවයි.

වනිඳු හසරංග නිසැකවම බංග්ලාදේශ කණ්ඩායමට තර්ජනයක් වනු ඇති බව ශ්‍රිනිවාස් පවසා සිටියේ ඕස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා සහ ඇෆ්ගනිස්ථාන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ගේ පන්දු යැවීමට වනිදුගේ පන්දු යැවීම බොහෝ සමාන බවටද සඳහන් කරමිනි.

තමන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සිටින සමය තුළ රෂීඩ් ඛාන්ගේ පන්දු යැවීම හොඳින් නිරික්ෂණය කළ බවට පවසන ශ්‍රීනිවාස් වැඩිදුරටත් පැවසීය.

වනිදුගේ පන්දු යැවීම පිළිබඳව අවබෝධයක් ලබා නොගතහොත් ඔහු දකුණත් පිතිකරුවන් ගුග්ලි පන්දුවලින් දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බවත් වනිඳු හට කඩුළු ලබා නොදී සිටියහොත් බංග්ලාදේශයට තරඟාවලිය තුළ යමක් කළ හැකි බවත් ශ්‍රීනිවාස් සඳහන් කර තිබුණි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය එළැඹෙන මැයි මස 23 වැනිදා ඩකාහී සරේ බංග්ලා ක්‍රීඩංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. 

Rate this item
(1 Vote)