May 13, 2024

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලිය රටවල් දෙකටම තීරණාත්මකයි - හේතුව මෙන්න

එළැඹෙන මැයි 16 වැනිදා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ 03කින් යුතු එක්දින තරඟාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙම තරඟාවලිය දෙරටම තීරණාත්මක තරඟාවලියක් වනු ඇති බව වාර්තා වනු ඇත. 

එයට හේතුව වන්නේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ලෝක කුසලාන තරඟාවලියේ තම ස්ථානය රැක ගැනීමටත් එහි තවත් ඉහළ යෑමටත් මෙම තරඟාවලිය හේතු වන බැවිනි.

ශ්‍රී ලංකාව මේ වන විට ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු -2ක් ලබාගනිමින් 12 වැනි ස්ථානයේ රැඳී සිටින අතර බංග්ලාදේශය සමඟ තරඟාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණයක කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට අවස්ථාව ලැබෙනු ඇත.

බංග්ලාදේශය මෙම ලැයිස්තුවේ 06 වැනි ස්ථානයට සිටින අතර ඔවුනට තම ස්ථානය ඉදිරියට ගැනීම සඳහා මෙම තරඟාවලිය තීරණාත්මක වනු ඇත.

තරඟාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර ඊට පෙර මැයි 21 වැනිදා ශ්‍රී ලංකාව පුහුණු තරඟයකට සම්බන්ධ වීමට නියමිතව තිබේ.

බංග්ලාදේශය කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු වන ඔටිස් ගිබ්සන් නොමැතිව මෙම තරඟාවලියට මුහුණ දෙන අතර ඒ සඳහා ආදේශක පුහුණුකරුවෙකු ලබාගැනීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(2 votes)