May 14, 2024

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඉවත දමා බංග්ලාදේශයට යන ලංකාවේ නවතම එක්දින කණ්ඩායම මෙන්න

මැයි 16 වැනිදා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟ 03කින් යුතු එක්දින තරඟාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කර ඇතැයි වාර්තා වෙයි.

මේ සඳහා තවත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකුද ඇතුළත් කර ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ විට මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා හට නායකත්වය හිමි වීමට වැඩි ඉඩකඩක් ඇති බවටද සඳහන්. 

මෙම තරඟාවලිය තුළින් 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාවක් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට එක්දින කණ්ඩායම සඳහා නව නායකත්වය තෝරා ගැනීමටත් මෙම තරඟාවලිය තුළින් අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන්. එමෙන්ම කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට තීරණය වී ඇති අතර එමඟින් කුසල් මෙන්ඩිස් තුළ විශ්වාසය ගොඩ නැගීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවසා තිබේ.

එමෙන්ම මෙම සංචිතය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාන්දුවද නම් කර ඇති බව සඳහන් වන අතර ශීරාන් ප්‍රනාන්දු පසුගියදා කොවිඩ්-19 ආසාදිත බවට වාර්තා වීමත් සමඟ ඔහු නිරෝධායනය වෙමින් සිටියි. ඔහු එළැඹෙන මැයි 08 වැනිදා නිරෝධායනය ක්‍රියාවලියෙන් මුදාහරිනු ඇති බවත් සඳහන් වෙයි.

මෙම 18 දෙනාගෙන් යුතු සංචිතය සඳහා ධනංජය ලක්ෂාන්, ජනිත් ලියනගේ කමිල් මිෂාර වැනි නවක ක්‍රීඩකයන්ද එක්කර ඇති අතර මේ හේතුවෙන් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හට ඇති අවස්ථාව ඉතාමත් අවම වනු ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව විසින් තෝරාගෙන ඇති කණ්ඩායම සඳහා පහත ක්‍රීඩකයන්ද ඇතුළත් වනු ඇති බව වාර්තා වෙයි.

නායකත්වය - කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, උප නායකත්වය - කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, වනිදු හසරංග, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක , ඕෂධ ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ අකිල ධනංජය

Rate this item
(1 Vote)