April 26, 2024

ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට ගෙන ගිය පැතුම් නිශ්ශංකගේ සුපිරි පන්දු රැකීම මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්වූ නවක ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක තමන් පිතිකරුවෙකු ලෙස මෙන්ම පන්දු රකින්නෙකු ලෙසත් විශිෂ්ඨ දක්ෂතා දක්වන බව අද (03) දිනයේ දී ඔප්පු කළේය.

ඒ නිමාවට පත් වූ ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුරයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (03) දිනයේ දී සිය පළමු තරඟය ක්‍රීඩා කරමින් ලෝක වාර්තාවක් අභියස සිටි ප්‍රවීන් ජයවික්‍රම යැවූ පන්දුවකට පහරක් එල්ල කිරීමට ගිය මෙහෙදි හසන්ගේ උඩ පන්දුව රැක ගැනීමට මෙහිදී පැතුම් සමත් විය.

එම උඩ පන්දුව රැක ගැනීමත් සමඟ ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ සිය මංගල තරඟයෙන් කඩුළු 10ක් ලබාගත් දඟ පන්දු යවන්නන් කිහිප දෙනා අතරට එක්වීමට සමත්විය.

පැතුම්ගේ මෙම පන්දු රැකීම එම අවස්ථාවේ විස්තර විචාරය කරමින් සිටි විචාරකයන් පවා අමන්දානන්දයට පත් කළ හැකි ආකාරයේ පන්දු රැක ගැනීමක් බවට පත් වුණි.

එම අවස්ථාවේ පන්දු 86කට මුහුණ දී ලකුණු 39ක් රැස් කරගෙන සිටි මෙහෙදි හසන් විසින් හරවා පහරක් එල්ල කිරීමට උත්සාහ කරන බව දුටු පැතුම් විසින් පන්දුව එල්ල වෙන දිශාවට දුවගොස් පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගන්නට සමත් විය.

එම සුපිරි පන්දු රැකීමේ වීඩියෝව පහතින්,

Rate this item
(12 votes)