April 26, 2024

කුසල් මෙන්ඩිස්ව ආයෙත් එළියට දමයි

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරඟ 02කින් යුතු ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස්ව නම් කර නොමැති බව වාර්තා වෙයි.

පසුගියදා පැවැති බටහිර කොදෙව් සංචාරය සඳහාද කුසල් මෙන්ඩිස්ව ඇතුළත් කරගෙන නොතිබුණි.

මේ අතර අබාධායකට මුහුණ දී සිටි නවක ක්‍රීඩක පැතුම් නිශ්ශංක සුවය ලබා ඇති බැවින් ඔහුව නැවත ටෙස්ට් තරඟාවලිය සඳහා කැඳවා තිබේ.

එමෙන්ම නවක ක්‍රීඩකයෙකු වන ප්‍රවීන් ජයවික්‍රම හටද මෙවර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබේ.

Rate this item
(0 votes)