April 26, 2024

වයසට ගියත් වැඩ සුපිරි : ලංකාවේ ජ්‍යේෂ්ඨයන් පෙරමුණටම එයි

ඉන්දීයාවේදී පැවැත්වෙන ජ්‍යේෂ්ඨයන්ගේ කුසලාන තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ඊයේ (14) දිනයේ දී සමත්විය.

ඒ ප්‍රබල එංගලන්ත ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම පරාජයට පත් කරමිනි.

මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි එංගලන්ත ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම අන්ත අසරණ කරන්නට ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම සමත් වන්නේ ඔවුන්ට පන්දුවාර 20 තුළ කඩුළු 09කට ලකුණු 78කට සීමා කරමිනි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 03ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔවුනට හැකිවිය.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 March 2021 07:21