April 27, 2024

ධනුෂ්කගේ දවා ගැනීමට උරන වූ ලංකාවේ ක්‍රිකට් ලෝලීයෝ බටහිර ඉන්දීය කොදෙව් ෆේස්බුක් පිටුවේ විරෝධය පළ කරයි

පසුගිය 10 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ 21 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක වීමත් සමඟ ක්‍රිකට් ලෝකය තුළ දැඩි මතභේදාත්මක සිදුවීමක් වාර්තා විය.

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුවල වූ නායක දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ස්ථාවරව පිටියේ රැඳී සිටියදී දවා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.

මෙහිදී ධනුෂ්ක ගුණතිලකගේ දවා ගැනීම බොහෝ දෙනාගේ විරෝධය එල්ල වූ දවා ගැනීමක් බවට පත්විය.

එක් ලකුණක් සඳහා එම වෙලාවේ කඩුල්ලේ සිටි නවක ක්‍රීඩක පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක උත්සාහ කළත් ධනුෂ්කගේ ඇඟේ වදින පන්දුව ඔහුට සොයා ගැනීමට නොහැකි වු නිසා එම ලකුණ ලබා ගැනීමෙන් වැළකී සිටියේය.

නමුත් ධනුෂ්කගේ පාදයේ වදින පන්දුව පිටියෙන් ඉවතට ගිය අතර එම අවස්ථාවේ පන්දු යවමින් සිටි බ.ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක කිරන් පොලාර්ඩ් විසින් පිටියේ විනිසුරුවරයාගෙන් දවා ගැනීමක් සඳහා අවස්ථාව ඉල්ලා සිටියේය.

මෙහිදී පිටියේ විනිසුරුවරයා විසින් තෙවන විනිසුරුවරයා වෙත තීරණය යොමු කරන අතර ධනුෂ්ක ගුණතිලක දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන ලදී.

ධනුෂ්කගේ දැවී යාම ලබාදී තිබුණේ ඔහු විසින් දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් පන්දු යවන පිලේ ක්‍රීඩකයන්ට අහිමි කිරීමට උත්සාහ කළ බවට ඇති නීතිය අනුවයි.

නමුත් පුනරූපනවලින් පෙනී ගියේ ධනුෂ්ක එය හිතමතා කළ දෙයක් නොවන බවත් එය ඔහුට පන්දුව ගිය දිශාව සොයා ගැනීමට නොහැකි වූ නිසා සිදුවන දෙයක් බවයි. එමෙන්ම බොහෝ ක්‍රිකට් විචාරකයන් පවසා සිටියේ එම අවස්ථාවේ දැවී යාමක් නොදීමට කටයුතු කළ යුතුව තිබුණු බවයි.

මෙම දවා ගැනීම අසාධාරණ යැයි මෙරට ක්‍රිකට් ලෝලීන් දැඩිව පවසා සිටි අතර බොහෝ පිරිස් බ.ඉ.කොදව්වන්ගේ ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ සටහන් තුළ සිය විරෝධය පළ කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිරන් පොලාර්ඩ් විසින් පසුව ධනුෂ්ක ගුණතිලකගෙන් සමාව ඉල්ලා තිබුණි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 08ක පරාජයක් හිමි විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 March 2021 07:08