April 26, 2024

ෆිට්නස් නෑ, ටැලන්ට් එකක් නෑ කියපු ලංකාවේ ක්‍රිකට් ටීම් එකත් වට කරගෙන මුරලි හැමෝටම දැනෙන්න කියපු කතාව (VIDEO)

February 16, 2021

ශ්‍රී ලංකාවෙන් බිහි විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා මෙන්ම ලෝකයේ බිහි වු සුපිරිතම දඟපන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ වැටී ඇති වළෙන් ගොඩට ගැනීම සඳහා ඉදිරිපත්ව සිටියි.

මුරලි විසින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් නඟා සිටුවීම සඳහා වූ විශේෂ කමිටුවේ සාමාජිකත්වයද දරණ අතර ඔහු විසින් ඊයේ (15) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හමු වී තිබුණි.

එහිදී මුරලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කර ඇති අතර මුරලි එහිදී පවසා තිබුණේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන කාලයට වඩා අද ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වී ඇති බවයි.

එහිදී මුරලි කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව එදාට වඩා අද වෙනස් වූවත් ක්‍රීඩාවේ තවමත් ආකල්පයන් තවමත් එකම බවයි.

“මම නම් හිතන්නේ ටැලන්ට් එකේ කිසිම අවුලක් නැහැ..හොඳට බැට් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා.. හොඳට ස්පින් කරන්න පුළුවන් අය ඉන්නවා..හොඳ ඕල්රවුන්ඩර්ස්ලා ඉන්නවා..කවදාවත් නැති ඕල්රවුන්ඩර්ස්ලා ඉන්නවා මේ සැරේ..” යැයිද මුරලි එහිදී සඳහන් කර සිටියේය. 

දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොඳ අවස්ථාවන් ඇති බවත් මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවේ ප්‍රකාශ කළේය.

මුරලි කළ කතාව පහතින්,

Rate this item
(1 Vote)