April 27, 2024

මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරී කමිටු සභාපති ධූරයත් අත්හරී

අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ධූරයෙන් ද ඉවත් වූ බවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර තිබූ ටෙස්ට් තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරයෙන් සමුගන්නා බව කියූ ඒ මහතා මේ වන විට තේරීම් කමිටු සභාපති ධූරයන් ද ඉවත් වී ඇති බවට වාර්තා වෙයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට දැඩි විරෝධයක් ද පසුගිය කාල සීමාව පුරාවටම එල්ල වී තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 January 2021 20:51