March 19, 2024

ට්විටර් CEO ඉල්ලා අස්වෙයි

November 30, 2021

ලොව ප්‍රමුඛතම මයික්‍රොබ්ලොගින් අඩවියක් සහ සමාජ ජාලයක්වන “ට්විටර්”හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ජැක් ඩෝසි මහතා එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.

මීට වසර 15කට පෙර, එනම් 2006 වසරේ ට්විටර් වෙබ් අඩවිය ආරම්භ කළ අතර ඩෝසි මහතා එම වෙබ් අඩවියේ නිර්මාතෘවරයෙකු ද වනවා.

“අවසානයේ දී මට මෙය හැර යන්නට කාලය එළැඹ තිබෙනවා” යනුවෙන් සටහනක් තබා ඔහු ට්විටර් සමාගමට සමු දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔහුගේ නික්ම යාමෙන් හිස් වුණු ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු පත් කිරීමට ට්විටර් සමාගම කටයුතු කර තිබෙනවා.

පරාග් අග්‍රවල් නමැති ඔහු මේවන විටත් එම තනතුරෙහි වැඩ භාරගෙන ඇති බව සඳහන්.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 30 November 2021 10:57