March 28, 2024

ලාංකික දැරියකට සඳ වෙත යාමේ වරම් (VIDEO)

“ඩියර් මූන්” (Dear moon) ව්‍යාපෘතිය යටතේ සඳ වෙත යාම සඳහා තෝරාගන්නා අවසන් 17 දෙනාගේ කණ්ඩායමට ශ්‍රී ලාංකීය දැරියක් තේරීපත් වී තිබෙනවා.

ඇය සඳලි ලක්ෂානී කුමාරසිංහ නමැත්තියක්.

රටවල් 249ක් අතරෙන් අයදුම් පත්‍ර මිලියනයක් පමණ මේ සඳහා යොමු වී ඇති බව සඳහන්.

මෙම අවසන් 17 දෙනා තෝරාගෙන ඇත්තේ එම මිලියනය අතුරින්.

අවසන් 17 දෙනා අතුරින් තෝරාගන්නා 08 දෙනෙකුට සඳ වෙත ගමන් කිරීමේ අවස්ථාව හිමිවනවා.

සඳලි එම 08 දෙනා අතරට තේරුණහොත් ඇය අභ්‍යවකාශය වෙත ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වනු ඇති.

එම ගමනට දින නියම වී ඇත්තේ 2023 වසරේ දී.

“ස්පේස් එක්ස්” (Space X) සමාගම විසින් නිපදවන “ස්ටාර්ෂිප්” (Starship) යානයකින් මෙම කණ්ඩායම සඳ වෙත ගෙන යාමට නියමිත යි.

මෙහි දී සඳ මතුපිටට ගොඩ බැසීමක් සිදු නොවන අතර යානය සඳට ඉතා ආසන්නව කක්ෂගත වනු ඇති.

මේ සඳහා තෝරාගෙන ඇති සඳලි ඇතුළු පිරිස පිළිබඳ විස්තර දැක්වෙන වීඩියෝවක් පහතින්..

Rate this item
(6 votes)
Last modified on Sunday, 18 July 2021 22:14