April 27, 2024

ඉතාලිය කැළඹූ ලංකාවේ කත! දරු දෙදෙනාගේ ගෙල සිරකර මරා දාලා

ඉතාලිය තුළ දැඩි කම්පාවක් ඇති කළ සිදුවීමක් වූ වයස අවුරුදු 03ක් සහ 11ක් වූ දියණියන් දෙදෙනාව ගෙල සිරකර මරා දැමූ කාන්තාව මේ වන විට පලාගොස් ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත  අදාළ සැකකාර කාන්තාව වයස අවුරුදු 34ක් වන සචිත්‍රා නිසන්සලා ලෙස ඉතාලි ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබෙනවා.

ඇය මෙරට නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවටද තොරතුරු වාර්තා වනවා.

අදාළ සැකකාර කාන්තාව මෙලෙස ඝාතනය කර තිබුණේ ඇයගේ දියණියන් දෙදෙනාවයි.

ඉතාලියේ දී එම දැරියන් දෙදෙනා උපත ලබා තිබුණු අතර ඔවුන්ගේ පියාද ශ්‍රී ලාංකිකයෙකු බවටයි ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුනේ.

ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහු විසින් සැකකාර කාන්තාව හිංසනයට පත් කර තිබුණු බවද සඳහන් වෙනවා.

එබැවින් ඇය විසින් සිය දියණියන් දෙදෙනා සමඟ තාවකාලික නවාතැනක සිට තිිබෙන අතර එහිදී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

පසුගිය 26 වැනිදා මෙම ඝාතනය සිදුව තිබෙන අතර සැකකාර කාන්තාව පලාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (27) දිනයේ දී කරන ලද වැඩිදුර විමර්ශනවලදී සැකකාර කාන්තාවගේ යැයි සැකකරන අත්බෑගයක් සහ ජංගම දුරකථනයක් සිදුවීම වූ ස්ථානයේ සිට මීටර් 300ක් ඈතින් තිබෙන ගංඟාවක් අසළ තිබියදී සොයාගෙන තිබුණා.

කාන්තාව පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

දරුවන් දෙදෙනාව ඇය විසින් කොට්ටයක් මුහුණට සිරකර මරා දමන්නට ඇති බවට සැක පළ කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 01:11