May 17, 2024

කිංග් ඛාන්ගේ පුතාගෙන් මත්ද්‍රව්‍ය චෝදනා ගැන ප්‍රශ්න කරයි

ඊයේ (02) රාත්‍රියේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක පැවැත්වූ සාදයක් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් හදිසි වැටලීමක් කර තිබුණා.

මෙහිදී ඔවුන් විසින් සාදය සංවිධානය කළ පුද්ගලයින් 08 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමක් කර තිබෙනවා.

මෙම 08 දෙනා අතර ඉන්දීය සිනමාවේ "කිංග් ඛාන්" ලෙසින් හඳුන්වන ශාරුක් ඛාන්ගේ 23 හැවිරිදි පුතු වන ආර්යන් ඛාන් ද සිටින බවට ඉන්දීයානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආර්යන් ඛාන් ඇතුළු අට දෙනාගෙන්ම ප්‍රශ්න කෙරෙමින් පවතින බවත් ඔවුන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය පවසා සිටියා.

ඔවුන්ගේ ප්‍රකාශ ලබාගැනීමනේ අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීයාව තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සොයා එරට මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය දැඩි මෙහෙයුම් ආරම්භ කර ඇති අවස්ථාවක මොවුන් පිරිසද හසුව තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 03 October 2021 16:23