May 08, 2024

පවුලේ දරුවන් දෙන්නෙකුට වැඩිනම් මැතිවරණ අපේක්ෂකත්වය නැහැ

තම රටවල ජනගහනය දිනෙන් දිනම ඉහළ යෑම බොහෝ රටවල් වලට ප්‍රශ්නයක් වෙලා.

ඔවුන් ඊට විසඳුම් ලෙස යෝජනා කර තිබෙන්නේ අපූරු විසඳුම්.

ආර්ථික හා සමාජ ප්‍රශ්න

අසල්වැසි ඉන්දියාව වේගයෙන් ඉහළ යන ජනගහනය මත ආර්ථික පමණක් නොව සමාජ ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින්නේ.

මේ නිසාම ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත ජනගහනය පාලනයට අපූරු විසඳුම් ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ අතර මුල් තැනක් ගන්නේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයයි.

ලොව පස්වැනි වැඩිම ජනගහනය

මිලියන දාහකට වැඩි ඉන්දීය ජනගහනයෙන් මිලියන දෙසිය විස්සක් ජීවත් වන්නේ මේ උත්තර ප්‍රදේශයේ.

එම ප්‍රාන්තය රටක් ලෙස සැලකුවහොත් එය ලොව වැඩිම ජනගහනය සිටින 5 වැනි රට ලෙසයි පිළිගැනෙන්නේ.

මේ නිසාම ජනගහන පාලනයට උත්තර ප්‍රදේශ ප්‍රාන්ත ආණ්ඩුව පනත් කෙටුම්පත් රැසක් හඳුන්වා දී තිබෙනවා.

කැපී පෙනෙන නීතිය

මැතිවරණයක් සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට එම අපේක්ෂකයාට දරුවන් දෙදෙනෙකුට වඩා සිටිය නොහැකි බවට පනවා තිබෙන නීතිය ඒ අතර කැපී පෙනෙන එක වනවා.

ඒ හැරුණු කොට රජයේ රැකියා ලබා ගැනීමේදී දරුවන් දෙදෙනෙකුට වඩා සිටීම රැකියාවක් නොලැබීමට හේතුවක්ද කොට තිබෙනවා.

උත්තර ප්‍රදේශය හැරුණුකොට ඇසෑම් , බිහාර් , රාජස්තාන් මෙන්ම වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බොහෝ කලක් මහ ඇමැති ධූරය දැරූ ගුජරාටය ඇතුලු ප්‍රාන්ත 7 ක් ජනගහනය පාලනය කිරීම සඳහා මේ ආකාරයේ නීති පෙන්වා දී තිබෙනවා.

තුන්වෙනි දරුවාට වැට

උත්තර ප්‍රදේශය හැරුණුකොට අන් ප්‍රාන්ත දරුවන් දෙදෙනකුට වැඩි අපේක්ෂකයෙකුට ඉදිරිපත්වීමට නොහැකි බවට නීති පනවා තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා පමණයි.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශය ප්‍රමුඛ ප්‍රාන්ත රැසක් මෙසේ නීති පනවා ඇත්තේ තුන්වැනි දරුවෙකු පවුලකට බිහිවීම වැළැක්වීමට.

ඉන්දියාවේ ප්‍රාන්ත 28කින් සමන්විත රාජ්‍යයක්.

බොහෝ පිටරට දේ ආදර්ශයක් ලෙස ගන්න ශ්‍රී ලංකාවටත් ඉදිරියේදී මෙය ආදර්ශයක් වන්නට පුළුවන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 16:27