April 19, 2024

2023 මුල මහමැතිවරණයක්: රාජ්‍ය ඇමති තහවුරු කරයි

February 16, 2022

2023 වර්ෂයේ මුල් මාස කිහිපය ඇතුලත අනිවාර්යයෙන්ම මහා මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍යවරයෙක් තහවුරු කරනවා.

ඒ ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයායි.

හැට නම ලක්ෂය

ඔහු මේ බව තහවුරු කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් අමතමින්.

ජනපතිවරණයේදී ලැබුණු 69 ලක්ෂයක ජනවරමට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී අත් වන ඉරණම පිලිබඳවත් ඔහු අනාවැකියක් පළ කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම ජනවරම 79 ලක්ෂය දක්වා ලක්ෂ 10 කින් වැඩි වන බවයි.

ජනපති බලතල

වත්මන් ආණ්ඩුව සම්මත කරගත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලිමේන්තුව පත්වී වසර දෙක හමාරකින් විසුරුවා හැරීමේ බලය ජනපතිවරයාට හිමිවනවා.

2023 මාර්තු මස වන විට එම කාලසීමාව සම්පූර්ණ වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ හෙලිදරව්වෙන් තහවුරු වන්නේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය හෝ වසරකින් කාලය දික් කළ පළාත් පාලන මැතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙන බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 February 2022 10:38