March 29, 2024

පුංචි ඡන්දය ලබන මාර්තු 20ට පෙර - කල් දැමීමේ බලය ඇමති අතේ

December 11, 2021

පළාත් පාලන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 20 ට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සදහා පෙර සූදානමක් ලෙස අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සොයා බලමින් සිටින බවයි එම කොමිසම සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතු බවද ඔහු ප්‍රකාශ කළා.

ලබන ජනවාරී මාසයේදී සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැදවා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.



Rate this item
(0 votes)