March 29, 2024

ඡන්දය ගැන තීන්දුවත් ආණ්ඩුව රිවස් කරයි: පුංචි ඡන්දය මේ වසරේ Featured

මේ වන විට පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ දෙකම පැවැත්විය යුතුව තිබෙනවා.

ඒ ඒ දෙකේම නියමිත කාලය ඉක්මවා ගොස් තිබෙන නිසා.

නිල කාලය

පසුගිය පෙබරවාරි මස නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන වල නිල කාලය තවත් වසරකින් දික් කොට තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විෂයභාර පළාත් පාලන හා පළාත් සභා ඇමතිවරයාට ලැබී ඇති බලතල වලට අනුව.

මේ වර්ෂයේ කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමටයි ආණ්ඩුව කලින් තීරණය කර තිබුණේ.

ස්ථාවරයේ වෙනසක්

එහෙත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළ ආකාරයට එම ස්ථාවරය මේ වන විට ආණ්ඩුව වෙනස් කරගෙන තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය මේ වර්ෂයේ පැවැත්වීමටයි ආන්ඩුවේ සැලසුම.

එළඹෙන සැප්තැම්බර් මස ස්ථිර ලෙසම එම මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි ආණ්ඩුවේ එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වාසි අවාසි පදනම

මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයකට යෑම ආණ්ඩුවට අවාසි බව තීරණය කොට තිබෙන්නේ පළාත් 9 න් උතුරු , නැගෙනහිර , බස්නාහිර , උතුරු මැද හා මධ්‍යම යන පළාත් 5 පරාජය වීමට ඇති ඉඩ කඩ සලකා බලා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් පළාත් පාලන ආයතන 330 කට ආසන්න සංඛ්‍යාවෙන් 180 - 190 එක පළාත් ආයතන සංඛ්‍යාවක් ජය ගැනීමට හැකි බව ආණ්ඩුවේ විශ්වාසය බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ආණ්ඩුවට වාසිදායක වන ආකාරයට පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීම සඳහා මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් 50%ක් ජයග්‍රහණය කිරීමේ පිළිවෙත 35% දක්වා අඩු කිරීමටයි.

Rate this item
(3 votes)
Last modified on Monday, 14 March 2022 07:03