April 20, 2024

පුංචි ඡන්දෙත් වසරකින් පස්සට: කැබිනට් පත්‍රිකාව ලෑස්තියි Featured

December 17, 2021

පළාත් පාලන ඡන්දයද කල් දැමීමේ සූදානමක් තිබෙන බව වාර්තා වනවා.

එම මැතිවරණය වසරකින් කල් දැමීමට යෝජිත කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් රාජ්‍ය සේවා , පලාත් සභා හා පලාත් පාලන විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව දැනගන්නට තිබෙනවා.

කාලය අවසන්

2022 පෙබරවාරි 10 වන දින වන විට පළාත් පාලන ආයතන වල නියමිත වසර 4ක පාලනය කාලය අවසන් වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණත් එය ඉකුත් 13 සදුදා කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගෙන නැහැ.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා , බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ විෂයභාර ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් අතර කෙරෙන සාකච්ඡාවකින් පසු ඒ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇමති සතු බලය

පළාත් පාලන ආයතන වල ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතුයි.

පළාත් පාලන විෂය භාර අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා වන රොෂාන් රණසිංහ මහතාද පළාත් පාලන ඡන්දය වසරකින් කල් තබන බව තහවුරු කර තිබෙනවා.

මේ වන විට පළාත් සභා මැතිවරණයද ආණ්ඩුව විසින් කල් දමා තිබෙනවා.

ඒ නිසා පළාත් සභා 9 පාලනය කරන්නේ අදාළ පළාත් වල ආණ්ඩුකාරවරු විසින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 11:20