May 17, 2024

ඉන්දියාව වැනසූ ගංවතුර : නිවාස සමඟ මිනිස්සුත් වැළලී යයි

ඉන්දියාවට බලපෑ ඇති අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වය නිසා මුම්බායි ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස විනාශයට පත්ව තිබෙනවා.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මුම්බායි හී නිවාස විශාල ප්‍රමාණයක් ද හානියට පත්ව ඇති අතර එම නිවාස තුළ සිටි පුද්ගලයින් 20කට අධික පිරිසක් මියගොස් ඇති බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ෙ

මෙහිද කඳු මුදුනක තිබූ තාප්පයක් නිවාස පෙළක් මතට කඩා වැටී පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා‍ෙ

විනාශ වී ගිය නිවාස අතර පිරිස් සිරවී ඇති බවට සැක පළ කරන අතර ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායම් ද යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අග්‍රමාත්‍යවරයා විසින් පවසා සිටියේ අවතැන් වූවන් සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බවයි.

නායයෑම්වලට අමතරව අධික වර්ෂාපතනය නිසා විදුලිය ඇනහිටීම් හා මුම්බායි ප්‍රදේශයේ දුම්රිය සේවා අඩාල වී ඇති බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

Rate this item
(3 votes)