May 17, 2024

ගව මුත්‍රා හොඳයි කිව්ව මන්ත්‍රීවරියත් හොරෙන්ම එන්නත අරන්

ඉන්දියාවේ කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ අවස්ථාවේදී එරට ජනතාව දැඩි අසරණතාවයට පත් වුණා. එවන් අවස්ථාවක ඔවුන් කොරෝනා වෛරසයෙන් ගැලවීම සඳහා විවිධ දේවල් කිරීමටත් පෙළඹී සිටියා.

මේ දේවල් අතරට ගව මුත්‍රා පානය, ගොම ආලේපනය වැනි දේවල්ද අයත් වුණා. 

කොරෝනා වෛරසයෙන් ගැලවීම සඳහා ගව මුත්‍රා හොඳ යැයි කියූ එමෙන්ම එය ප්‍රචලිත කිරීමට කටයුතු කළ ඉන්දීය ආණ්ඩු පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ප්‍රග්‍යා ඨාකූර් විසින් හොර රහසේ ම තමන්ගේ නිවසේ දී කොරෝනා වෛරසය සඳහා වූ එන්නත ලබාගෙන තිබෙනවා.

ඉන්දීයාවේ කොරෝනා මර්දන නීතිය අනුව සිය නිවසේ දී එන්නත ගැනීම සඳහා අවසර හිමිවන්නේ මහලු අය සහ පුර්ණ ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන අය සඳහා පමණයි. අනිත් සියලු දෙනා එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ එන්නත ලබා ගත යුතු වෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යරයා වන නරේන්ද්‍ර මෝදි මහතා ද එන්නත ලබාගෙන තිබුණේ එන්නත් මධ්‍යස්ථානයකදී. නමුත් මෙම මන්ත්‍රීවරිය කොරෝනා මර්දන නීතියවලට එරෙහිව කටයුතු කරමින් සිටින බවට එරට විපක්ෂයත් චෝදනා කර තිබෙනවා.

සැබැඳි පුවත -

"හැමදාම ගව මුත්‍රා බිව්වා, ඒ නිසා මට කොරෝනා නැහැ"- මෝදිගේ මන්ත්‍රීවරියක් ගව මුත්‍රාවල ආනිංශ කියා දෙයි

Rate this item
(0 votes)