April 27, 2024

විෂ විකිරණත් සමග ලොවම නතර කළ හැකි දැවැන්ත 'සූර්ය සුළඟක්' පෘථිවියට ලඟාවෙයි

යෝධ සූර්ය ගිනිදැල් විධාරණය වෙමින් දැවැන්ත පරිමාණයේ සූර්ය කුණාටුවක් හටගෙන ඇති බව විද්‍යාඥයින් මීට පෙර වාර්තා කර තිබුණා.

නවතම විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම සූර්ය කුණාටුව මගින් ඇතිකරන ලස සූර්ය සුළඟ පෘථිවිය වෙත ලඟා වීමේ අවදානමක් ඇති බවයි.

පැයට කිලෝමීටර මිලියන 1.6ක වේගයකින් මෙම සූර්ය සුළඟ ගමන් කරනු ලබනවා.

සූර්ය කුණාටු යනු සූර්යයා මතුපිට සිදුවන පිපිරීම් වැනි සංසිද්ධියක්වන අතර එවැන්නක් සිදුවන අවස්ථාවල දී ආලෝකය, ශක්තිය සහ අධිවේගී ආරෝපිත අංශු අභ්‍යවකාශයට නිකුත්වනවා.

සූර්ය කුණාටු පෘථිවියට පතිතවන අවස්ථාවල දී, පෘථිවි චුම්බක ක්ෂේත්‍රය හේතුවෙන් ජීවීන් හට සිදුවිය හැකි ශාරීරික බලබෑම ඉතා අඩු මට්ටමක පවතිනවා.

කෙසේ වෙතත් ලොව පුරා විදුලි සැපයුම් සහ සන්නිවේදන සැපයුම් අකර්මන්‍ය වීමේ අවදානමක් මේ හරහා මතුවනවා.

විද්‍යාඥයින් පවසන ආකාරයට ලෝකය පුරා විදුලි සැපයුම බිඳ වැටීමක් පවා සිදුවිය හැකි යි.

එමෙන්ම ජංගම දුරකතන ආදී සන්නිවේදන ක්‍රමවලට ද මින් බලපෑම් එල්ල විය හැකි බව පැවසෙනවා.

තව ද පෘථිවිය වටා කක්ෂගත කර ඇති චන්ද්‍රිකාවලට මෙම සූර්ය කුණාටු මගින් දැඩි බලපෑම් එල්ල වීමේ හැකියාව පවතිනවා.

ඒ හරහා ද චන්ද්‍රිකා රූපවාහිනී ඇතුළු සන්නිවේදන ක්ෂේත්‍රයට සිදුවිය හැකි බලපෑම අතිමහත්.

අන්තර්ජාලයට ද චන්ද්‍රිකාවල සේවය අත්‍යාවශ්‍යවන බැවින් මේ හරහා අන්තර්ජාල බිඳවැටීමක් පවා සිදුවිය හැකි බව විශේෂඥ මතය යි.

එමෙන්ම GPS පහසුකම ලබා දෙන චන්ද්‍රිකා සමූහය බිඳවැටුනහොත් ඒ හරහා පෘථිවි ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇතිවනු ඇති.

මෙම සූර්ය කුණාටුව විධාරණය වී ඇත්තේ පසුගිය 03 වැනි දා යි.

එම වසර 04කට පසු හටගත් දැවැන්තම සූර්ය කුණාටුව බව තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මෙවැනි සූර්ය සුළඟක් සමග අන්තරායකාරී විකිරණ ද පැමිණෙන අතර පෘථිවි වායුගෝලය සහ චුම්බක ක්ෂේත්‍රය හේතුවෙන් එම විකිරණ පෘථිවිය මත සිටින ජීවීන්ට හානිකර ලෙස බලපෑමට ඇති ඉඩ කඩ අඩු බව පැවසෙනවා.

එහෙත් උඩුගුවනේ සිටින අභ්‍යවකාශගාමීන් මෙම සූර්ය සුළඟට නිරාවරණය වුවහොත් ඔවුන්ට යම් අහිතකර බලපෑම් සිදුවිය හැකි බව යි විද්‍යා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 14 July 2021 10:00