May 17, 2024

ඉන්දියාවේ පළමු කොරෝනා රෝගීයාට ආයෙත් කොරෝනා වැළැඳෙයි

ඉන්දියාවෙන් වාර්තා වූ ප්‍රථම කොරෝනා රෝගීයා වූ වෛද්‍ය ශිෂ්‍යාවකට නැවත වරක් කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා.

ඉන්දියාවේ පළමු කොරෝනා රෝගීයා ලෙස මෙම වෛද්‍ය ශිෂ්‍යාව මුලින්ම හඳුනාගනු ලැබුවේ 2020 වසරේ ජනවාරි 30 වැනිදායි.

ඇයට කොරෝනා ආසාදනය වී තිබුණේ චීනයේ වුහාන් සරසවියේ ඉගෙනුම ලබන සමයේ දී.  

වෛද්‍ය උපාධියේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇය නිවාඩු ලබා නැවත ඉන්දියාවට පැමිණ තිබූ අතර එහිදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබුණා.

කේරළ ප්‍රාන්තයේ, ත්‍රිෂූර් දිස්ත්‍රික්කයේ මෙම වෛද්‍ය ශිෂ්‍යාව ජිවත් වන අතර එහිදී ඇයට දෙවන වරටත් කොරෝනා ආසාදනය වී ඇති බවට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ජේ. රීනා විසින් ඉන්දීය පුවත් සේවය වෙත පවසා තිබෙනවා.

ඇයගේ තත්ත්වය යහපත් බවත් ඇය සිය නිවසේ සිටම ස්වයං නිරෝධානයට ලක්වෙන බවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීයා විසින් වැඩිදුරත් පවසා තිබුණා.

Rate this item
(5 votes)
Last modified on Wednesday, 14 July 2021 07:05