May 17, 2024

අගමැති මෝදි කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් බලයෙන් පන්නා දමයි

ඉන්දීයාවට මෙම වසරේ දී ඉතාමත් දරුණු ලෙස බලපෑ කොවිඩ්-19 දෙවන රැල්ල සමඟ ඇති වූ අර්බුදකාරී තත්ත්වය සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වුණා.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හර්ෂ වර්ධන් ඇතුළු ඉන්දීයානු සෞඛ්‍ය සේවයට සම්බන්ධ අමාත්‍යවරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වෙන ලෙසට භාරතීය ජනතා පක්ෂය විසින් එම පිරිස වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව එම අමාත්‍යවරුන් පිරිස ඊයේ (08) දිනයේ දී සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වී තිබුණා.

මෙම ඉල්ලා අස්වීමත් සමඟ ඉන්දීය අගමැතිවරයා විසින් නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර ඒ අනුව කළින් පැවති 55ක් වූ අමාත්‍ය මණ්ඩලය 77ක් දක්වාද ඉහළ දමා තිබෙනවා. 

ඊයේ (08) පැවැති විශේෂ රැස්වීමකදී නව අමාත්‍යවරුන්ට අග්‍රාමාත්‍යවරයා විසින් දැඩි උපදෙස් කිහිපයක් ලබාදීමට කටයුතු කර තිබුණා.

එහිදි අගමැති මෝදි විසින් පවසා තිබුණේ මාධ්‍ය ඉදිරියේ අනවශ්‍ය කතා කීමට නොයන ලෙසත්, ඔවුන්ගේ අමාත්‍යංශ තුළ සිටින පරිපාලන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් වැඩ කටයුතු පිළිබඳව විමසා බලන ලෙසත්ය.

එමෙන්ම ඉවත් කළ අමාත්‍යවරුන්ගේ සේවයට අග්‍රාමාත්‍යවරයා විසින් සිය ප්‍රංශසාවද පළ කර තිබුණු අතර නව අමාත්‍යවරුන් හමුවී ඔවුන්ගේ රාජකාරී පිළිබඳව කතාබහ කර අවශ්‍ය මඟ පෙන්වීම් කරන ලෙසද පවසා තිබුණා.

Rate this item
(5 votes)