May 17, 2024

ඉන්දියාවේ රසායනික කම්හලක දැවැන්ත ගින්නක් (VIDEO)

ඉන්දියාවේ මහරාෂ්‍ර්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ රසායනික කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 18 පමණ මියගොස් ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කම්හල තුළ අත් සේදුම්කාරක (Hand Sanitiser) නිෂ්පාදනය කරන බවට සඳහන්. මෙම ගින්නෙන් මියගොස් තිබෙන්නේ එම කම්හලේ සේවය කරන සේවකයින් පිරිසක්.

ගිනි නිවීමේ රථ 06ක් පමණ මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබුණා.

මෙම ගින්න හට ගන්නා අවස්ථාවේ එහි සේවකයින් 37 දෙනෙකු සේවයේ යෙදී සිට ඇති අතර අතර ඉන් 20 දෙනෙකු මුදා ගැනීමට ගිනි නිවන භටයන්ට හැකිවිය.

එක්වරම පිපිරීමක් සමඟ මෙම ගින්න හටගෙන තිබූ අතර ඉන්පසුව දැවැන්ත කළු ධූමාරයක් අස දෙසට ඇඳී ගොස් තිබුණි.

ප්ලාස්ටික් ඇසුරුම්වලට ඇවිලී ගිය ගින්නක් මෙලෙස පැතිරී යන්නට ඇති බවට ගිනි නිවන භටයන් විසින් සැක පළ කරනවා.

ගින්නේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර අතුරුදහන් වූ සේවකයන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මිය ගිය පිරිස හට සිය ශෝකය පුද කර සිටියා.

එම ගිනි ගන්නා අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)