May 17, 2024

තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් අතරට එක් වූ අලුත්ම දේවිය “කොරෝනා දේවිය” (PHOTOS)

ලෝකයේ සිටිනවා යැයි විශ්වාස කරන තිස්තුන් කෝටියක් දෙවියන් අතරට ඉන්දියාව විසින් තවත් දේවියක් හඳුන්වා දී තිබේ. ඇය නමින් කොරෝනා දේවියයි.

හින්දු පූජකයන් පිරිසක් විසින් මෙම කොරෝනා දේවතාවිය උදෙසා මේ වන විටත් පුද පූජා පැවැත්වීම ආරම්භ කර තිබේ. මෙම කොරෝනා දේවියට පුද පූජා කිරීමෙන් කොරෝනාව පාලනය කළ හැකි බවට හින්දු පූජකයන් අතර විශ්වාසයක් ඇතිව තිබේ.

තමිල්නාඩුවේ කොයිම්බතූර්හි කමචිපුරි අධිකිනාම් කෝවිල තුළ මෙම කොරෝනා දේවිය වැඩ සිටින අතර එම කෝවිල පවතින කොරෝනා තත්ත්වය හමුවේ වන්දනාකරුවන් හට තහනම් කර තිබුණු නමුත් පුජකයන් විසින් කොරෝනා දේවියට පුද පූජා කරමින් සිටියි.

පූජකරුවන් පවසන්නේ කොරෝනා වෛරසයට දේවි කෙනෙකුගේ ස්වරූපය ලබාදී එයට නමස්කාර සිදුකරන බවයි. එමඟින් කොරෝනා වෛරස් පාලනය සිදුකළ හැකි බවද ඔවුන් පවසා ඇත.

මෙම දේවිය හට පළතුරු සහ විවිධ ආහාර ද්‍රව්‍යවලින් පූජා පවත්වන අතර කහ, කිරි සහ ජලයෙන් නැහැවීමද සිදුකරයි.

වෛද්‍යවරුන්ට සහ නූතන විද්‍යාවට පවා කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි බව පවසන පූජකවරුන් සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසයෙන් ගැලවීම සඳහා ඇති එකම බලාපොරොත්තුව මෙම කොරෝනා දේවිය ලෙසයි.

කොරෝනා වසංගතය පාලනය කරනු වස් මෙම දේවියට සති 07ක කාලයක් එක දිගටම පූජා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම කොරෝනා දේවි පිළිම දෙකක් මේ වන විට කමචිපුරි අධිකිනාම් කෝවිල තුළ ඇති අතර ඉන් එකක් සඳුන් දැවයෙන් ද, අනිත් පිළිමය ශෛලමය ආකාරයටද නිර්මාණය කර තිබේ.

මීට පෙරද මෙම කෝවිල තුළ වසූරිය, පැපොල සහ වෙනත් වසංගතයන් සඳහාද මෙලෙස දේව රූප නිර්මාණය කරමින් පූජා පවත්වා ඇති බවත් සඳහන්.

කොරෝනා දේවියට පුද පූජා කරන ආකාරය පහතින්,

Rate this item
(1 Vote)