May 17, 2024

ඔන්ලයින් ක්ලාස් ගැන ඉන්දීය අගමැතිට අවුරුදු 06ක දරුවෙකු කළ අපුරු පැමිණිල්ල (VIDEO)

1 වසරේ ඉගෙනුම ලබන පුංචි දියණියක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝදි වෙත අපුරු පැමිණිල්ලක් කර ඇති අතර මෙම පැමිණිල්ල නිසා ජම්මු කාෂ්මීර් ප්‍රාන්තයේ අධ්‍යාපනය ප්‍රතිපත්ති පවා පැය 48ක් තුළ සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය වීමට නියමිතය.

ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වයස අවුරුදු 06ක් වූ මෙම දියණිය විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත පැමිණිලි කර තිබුණේ කුඩා දරුවන් සඳහා පාසල් අධ්‍යාපන බර පැටවීම පිළිබඳවයි.

ඇය එහිදී අග්‍රාමාත්‍යවරයාට පැමිණිලි කරමින් සඳහන් කර සිටියේ “මෝදි සර්, ගුරුවරුන් කුඩා දරුවන්ට මේ තරම් වැඩ පවරන්නේ ඇයි? 6, 7 වසරේ ඉන්න ලොකු ළමයින්ටත් වැඩ කොටසක් දෙන්න ඕන..” යැයි ඇය සුරතල් හඬින් පවසා තිබේ.

උදෑසන 10ට ආරම්භ වෙන ඔන්ලයින් ක්ලාස් සවස 2ක වෙනකන් එක දිගටම පවතින බව පවසන මෙම පුංචි දියණිය සඳහන් කර සිටියේ “මම උදෑසන අවදි වුණාට පස්සේ උදේ 10 ඉඳන් සවස 2ක වෙනකන් එක දිගටම පංති තියෙනවා.. ඉංග්‍රීසී, ඊට පස්සේ ගණිතය, ඊට පස්සේ උර්දු..” යැයි පැවසූ ඇය සඳහන් කර සිටියේ එතරම් වැඩ ගොඩාක් පුංචි දරුවන් වෙත ලබාදෙන බවයි.

ජම්බු කාෂ්මීර්වල ජීවත් වන මෙම පුංචි දියණියගේ පැමිණිල්ල සහිත වීඩියෝව මේ වන විට ඉන්දියානු දේශපාලනය තුළ ඉහළම ස්ථාන වෙත පවා ගොස් ඇති අතර ජම්බු කාෂ්මීර්වල ආණ්ඩුකාරවරයා වන මනෝජ් සිංහා විසින් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙත දැඩි නියෝගයක් ද යොමුකර තිබේ.

එහිදී ඔහු කියා තිබුණේ දරුවන්ගේ අහිංසක බව දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් බවයි. ඔවුන් සෑම දිනක්ම ප්‍රීතියෙන් සතුටින් ජීවත් විය යුතු බවයි. ආණ්ඩුකාවරයා විසින් ඒ අනුව දරුවන්ට පාසල් ගෙදර වැඩ පැවරීම පිළිබඳව සහ එම වැඩ අඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් වහාම පැය 48ක් තුළ ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබේ.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩිව සංසරණය වීම ආරම්භ වූ පසුව බොහෝ දෙනෙකු දරුවන් ඔන්ලයින් පංති තුළදී මුහුණ දෙන අසීරුතාවයන් පිළිබඳව විවිධ මතයන් පවා පළ කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙයට කඩනමින් පියවරක් ගත යුතු බවද පවසමිනි.

දැරිය පැවසූ සම්පුර්ණ කතාව උපසිරැස සමඟින් පහතින්,

Rate this item
(4 votes)