April 27, 2024

ලෝකයම බියට පත් කරමින් කොරෝනා ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කොරෝනා වෛරසය චීනයේ වුහාන් විද්‍යාගාරයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් ලෝකයට ව්‍යාප්ත වූ බවට ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක් තුළම දැන් විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබේ.

මේ බව නවතම අනාවරණයක් කරන්නට ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ ආහාර සහ ඖෂධ පරිපාලන කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ දැන් ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත වන ෆසියර් හී අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින ස්කොට් ගොට්ලීබ් කටයුතු කර තිබේ.

ඔහු සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසය සතුන්ගෙන් ව්‍යාප්ත වූ බවට මෙතෙක් පැහැදිළි සාක්ෂි මඟින් අනාවරණය කරගන්න හැකියාවක් ලැබී නොමැති බවත්, මෙම වෛරසය වුහාන්වල විද්‍යාගාරයකින් කාන්දු වන්නට ඇති බවට පළවන චෝදනාවලට පිළිතුරු සඳහා චීනය විසින් පැහැදිළි සාක්ෂි ඉදිරිපත් නොකර ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකාවේම පර්යේෂකයෙකු මෙන්ම එන්නත් සංවර්ධනය සඳහා ටෙක්සාස් ළමා රෝහල් මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂ පීටර් හොටෙස් විසින් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පවසා සිටියේ වසංගතයට තුඩු දුන් වෛරසයේ මූලාරම්භ වූයේ කෙසේදැයි නොදැන ලෝකය අනාගතයේදී තවත් වෛරස් පැතිරීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වෛරසය කොවිඩ්-26 සහ කොවිඩ්-32 දක්වා ඉදිරියට යෑමට පෙර වහාම කොවිඩ්-19 වෛරසය නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලිය යුතුව ඇති බවයි.

චීනයේ වුහාන් හී සත්ත්ව මාංශ වෙළෙඳපොළක් මූලික කරගෙන ආරම්භ වූ කොරෝනා වෛරසය පිළිබඳව ලෝකයට අනාවරණය වී වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත් වෛරසයේ මූලාරම්භය පිළිබඳව තවමත් නිශ්චිත හෝඩාවුවාක් සොයා ගැනීමට සමත්වී නොමැත.

බොහෝ විද්‍යාඥයින් පිරිසක් මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වන්නට ඇති බවට උපකල්පනය කරමින් සිටිති.

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමය තුළ සමාජ ගත වූ මෙම වෛරසය විද්‍යාගාරයක් තුළ නිපදවා ඇති බවට වන මතය ද දැන් දැඩිව සමාජ ගතවෙමින් පවතින අතර එය ජෝ බයිඩන් පරිපාලනයේ ද දැඩි අවධානයකට ලක්ව තිබේ.

Rate this item
(2 votes)
Last modified on Monday, 31 May 2021 10:10