May 17, 2024

කොවිඩ් එන්නත එපා කියා ගඟට පැනලා

කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බාරබංකිහි ජනතාව සයාරු ගඟට පැන ඇති බව වාර්තා වෙනවා.

එන්නත විෂ සහිත බව පවසමින් ඔවුන් එය ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් 19 මර්ධන එන්නත් ලබා දීම සඳහා සෞඛ්‍ය බලධාරීන් ගම්මානයට පැමිණීමත් සමග ඔවුන් වෙතින් පලා ගිය ගම් වැසියන් මෙලෙස ගංගාවට පැන ඇති බව පැවසෙනවා.

එන්නත් ආදිය පිළිබඳව ගම් වැසියන් අතර විවිධ මිත්‍යා මත පැවතීම මත මෙවන් තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

කෙසේ වෙතත් එන්නතෙහි වැදගත්කම සහ මිත්‍යා මතවල ඇති අසත්‍යභාවය පිළිබඳව පැහැදිළි කිරීමෙන් අනතුරුව පිරිසකට එන්නත ලබා දීමට හැකි වුවත්, එම පිරිස 14ක් තරම් අඩු බවයි එම ගම්මානයෙන් ලැබෙන වාර්තා පවසන්නේ.



Rate this item
(4 votes)
Last modified on Sunday, 30 May 2021 18:36