May 17, 2024

(CCTV) කෲර අපරාධයක් කළ වෛද්‍ය යුවලකට මහ මඟ වෙඩි තබයි - ඝාතනයෙන් පසු වූ හෙළි වූ කතාව

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ භාරත්පූර් හී මහා මාර්ගයක් මැද වෛද්‍යවරුන් යුවලකට වෙඩි තබා ඝාතනය කර තිබෙන දර්ශන මේ වන විට මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

ඊයේ (28) සවස 4.45ට පමණ භාරත්පූර් හී ප්‍රධාන මාර්ගයක මෙම වෛද්‍ය යුවල සිය වාහනයෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු වාහනය ඉස්සරහ සිය යතුරු පැදිය නවත්වා යුවල නතර කරවාගෙන තිබුණි.

එහිදී මුහුණ ආවරණය කරගත් තරුණයෙකු විසින් යුවලගේ වාහනය අසළට ගොස් කතා කිරීමට අවශ්‍ය යැයි පවසා ඇති අතර වෛද්‍යවරයා විසින් වාහනයේ වීදුරු පහත් කරනවාත් සමඟ තරුණයා විසින් සඟවා ගෙන සිටි ගිනි අවියකින් වෛද්‍යවරයාට සහ ඔහුගේ වෛද්‍යවරියක් වන බිරිඳට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් පසුව යතුරුපැදිකරුවන් දෙදෙනා නැවත පලා යන අතර වෛද්‍ය යුවල එම ස්ථානයේම මියගොස් තිබේ.

භාරත්පූර් පොලීසිය අනාවරණය කර සිටින්නේ මෙය පළිගැනීමේ අරමුණකින් සිදු වුවක් බවයි. ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඝාතනයට ලක්වූ වෛද්‍යවරයා විසින් තරුණියක් දුෂණය කර මරා දමා ඇති බවය.

මෙම තරුණියගේ ඝාතනයට වෛද්‍යවරයාගේ බිරිඳ සහ බිරිඳගේ මවද සම්බන්ධව ඇති බවත් වාර්තා වෙයි. 

මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ එම මියගිය තරුණියගේ වැඩිමහල් සහෝදරයා විසින් බවද මේ වන විට හෙළිවී ඇතැයි භාරත්පූර් හී පොලීසිය විසින් සඳහන් කර තිබේ.

ඝාතනය සිදු කරන අවස්ථාවේ CCTV වීඩියෝව පහතින් (සංවේදී දර්ශන සහිතයි),

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 May 2021 10:21