May 17, 2024

(සංවේදී දර්ශන සහිතයි) - මාස්ක් නොදැම්මා කියා තරුණයෙකුට ඉන්දියානු පොලීසියෙන් ඇණ ගසයි

තරුණයෙකු විසින් වසංගත පාලන නීති කඩ කරමින් පොදු ස්ථානයන්ගේ මුව ආවරණයක් නොපැළැඳ සිටි බවට චෝදනා කර පොලීසිය විසින් ඔහුගේ පාදයට සහ අත්වලට ඇණ ගැසූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

වයස අවුරුදු 28ක් වූ මෙම තරුණයා නමින් රංජිත් වන අතර ඔහු සිය මව සමඟ ජීවත් වෙමින් කම්කරු වෘත්තියේ නිරත වන්නෙකි. 

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජෝගි නවාඩා ප්‍රදේශයේ ජීවත් වන රංජිත් මීට දින 02කට පමණ පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුගේ පාදවලට මෙන්ම අත්වලට පහර දුන් බවට චෝදනා කර තිබුණි. 

එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රංජිත්ගේ පාදයට ඇණ ගසා තිබේ. සිදුවීමෙන් පසුව රංජිත් රෝහල් ගතවී තිබුණු අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වෙයි.

සිදුවීමට සම්බන්ධ පොලිස් ස්ථානය පිළිබඳව පරික්ෂණයක් ඉහළ නිලධාරීන් විසින් පවත්වා තිබුණු අතර එහිදී හෙළි වි තිබුණේ චෝදනාවලින් ගැලවීම සඳහා රංජිත් විසින් තමන්ට හානි සිදුකර ගත් බවයි. 

රංජිත්ගේ චෝදනා අසත්‍යය බවට පෙන්වා දෙන පොලීසිය පවසා තිබුණේ  අසත්‍ය චෝදනා එල්ල කිරීම යටතේ රංජිත්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද සුදානම් බවයි.

රංජිත් ඇන පහර වැදීමෙන් පසුව වේදනාවෙන් සිටින වීඩියෝ දර්ශනයක් ද නිකුත් වී තිබුණු අතර එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 09:28