May 17, 2024

ඉන්දියාවෙන් පලා ගිය ඉහළ පෙළේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා ඇන්ටිගුවා හිදී එක්වරම අතුරුදහන් වෙයි

ඉන්දියාවේ ඉහළ පෙළේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වන මෙහුල් චොක්සි ඇන්ටිගුවා රාජ්‍ය වෙත ගොස් සිටියදී එක්වරම අතුරුදහන් වී තිබේ.

ඉන්දිය රුපියල් කෝටි 14,000ක මුදල් වංචාවක් මෙන්ම මුදල් විශුද්ධිකරණය සම්බන්ධව නඩු රැසකට සම්බන්ධ ව්‍යාපාරිකයා ඉන්දියාවේ අපරාධ විමර්ශන කාර්යංශය විසින් සොයමින් සිටි පුද්ගලයෙකු ද වෙයි.

ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇන්ටිගුවා පොලීසි අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ව්‍යාපාරිකයාගේ පවුලේ පිරිස විසින් ද ඔහුව සොයමින් සිටින බවත් සඳහන්.

ඉන්දියානු අපරාධ විමර්ශන කාර්යංශය විසින් පවසා සිටියේ ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබී ඇති බවයි. එමෙන්ම ඔහු සම්බන්ධව විමසා ඇන්ටිගුවා ඉන්දියානු තානාපති කාර්යාලය වෙත ලිපියක්ද යවා ඇති බවටද එම කාර්යාංශය සඳහන් කර සිටියි.

Rate this item
(0 votes)