May 17, 2024

ඉන්දියානු සාගරය ප්‍රචණ්ඩ වෙයි - 90ක් සමඟ නෞකාවකුත් බිලිගනී

අද (18) දිනයේ දී ඉන්දියාවේ බටහිර දෙසින් ඇතුළු වුණු ටෝක්ටේ සුළි කුණාටුව හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වී ඇතැයි වාර්තා වෙයි.

මෙම අනතුරට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ පුද්ගලියන් 270ක් පමණ සිට ඇති අතර ඉන්දීය නාවික හමුදාව දැඩි පරිශ්‍රමයකින් අනතුරු ඉන් 177 දෙනෙකු ගලවා ගන්නට සමත්ව තිබේ.ෙ

තවත් පුද්ගලයින් 90ක් පමණ අතුරුදහන්ව සිටින බවත් නාවිකා හමුදා වාර්තා සඳහන් කරයි‍ෙ

අනතුරට පත් නෞකාව ඉන්දියාවේ තෙල් හා ස්වාභාවික ගෑස් සංස්ථාවට (ඔන්ජීසී) අයත් එකක් වන අතර අනතුරට පත්වන අවස්ථාවේ එම යාත්‍රාව කැනීම් සඳහා සේවකයින් රැගෙන යමින් සිට තිබේ.

කණාටුව ආසන්න වෙනවාත් සමඟ නෞකාව වේගයෙන් පැද්දීමට පටන්ගෙන ඇති අතර ඉන්පසුව පෙරළි ගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 700ක් රැගත් නෞකා දෙකක් ඉන්දීය සාගරයේ කණාටුවට මැදිව සිටින බවද ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම නෞකාවල සිරවී සිටින පිරිස බේරා ගැනීම සඳහා මෙන්ම අනතුරට පත් වූ නෞකාවේ පිරිස සොයා ගැනීමට යුද නෞකා තුනක් පිටත් කර ඇති බවද ඉන්දීය නාවික හමුදාව විසින් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

සුළි කුණාටුව ඉන්දියාව තුළට ඇතුළු වීමේදී එහි ප්‍රබලත්වය තරමක් පහත වැටුණත් එහි බලපෑම පුද්ගලයින් 12 දෙනෙකුට දිවි අහිමි කරන්නට සමත්ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 May 2021 16:54