May 17, 2024

ඉන්දියාවේ ඔලිම්පික් පදක්කම් ලාභී ජාතික මල්ලව පොර ශූරයා කනිෂ්ඨ ක්‍රීඩකයෙකු ඝාතනය කර පලා යයි

නවදිල්ලියේ චත්‍රසල් ක්‍රීඩාංගණයේ වාහන නැවැත්වීමේ අංගනයේ තිබී ඉන්දියානු කනිෂ්ඨ ජාතික මල්ලව පොර ශූරයෙකු වන 23 හැවිරිදි සාගර් රානාගේ ඝාතනය කරන ලද මළ සිරුර හමුවී තිබුණේ මීට සති දෙකකට පෙරය.

මෙම සිදුවීම සම්බන්ධව දිල්ලි පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී ඉන්දියාවේ ඉහළම ගෞරවනාමවලින් පාත්‍රා වූ මල්ලව පොර ශූරයෙකු වන සුෂිල් කුමාර් සම්බන්ධ බවට තොරතුරු සොයාගෙන තිබේ.

ඒ අනුව දිල්ලි පොලීස් නිලධාරීන් විසින් සුෂිල් කුමාර්ගේ නිවස වටලා තිබුණු නමුත් නිවසේ සුෂිල් කුමාර් නොසිටි බව වාර්තා වෙයි.

සුෂිල් සොයා පොලීසිය විසින් මෙහෙයුම් තර කර ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු ලබාදෙන්නෙකු හට ඉන්දියානු රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවද ප්‍රසිද්ධ කර තිබේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධ තවත් මල්ලව පොර ක්‍රීඩකයෙකු වන අජේ නම් පුද්ගලයෙකු ද පලා ගොස් ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු ලබාදෙන්නෙකු හට ඉන්දියාලු රුපියල් පනස්දහසක මුදලක් ලබාදෙන බවටද ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය මැයි 04 වැනිදා චත්‍රසල් ක්‍රීඩාංගණයේ වාහන අංගනයේ මෙම ක්‍රීඩකයන් අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා එක්ව කණිෂ්ඨ ක්‍රීඩකයාට දැඩි ලෙස පහර දී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබේ.

සුෂිල්ට මෙම සිදුවීම වී පසුදිනම තමන් විසින් එම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවට ප්‍රකාශ කර තිබුණත් මේ වන විට ඔහු පලාගොස් තිබේ.

  සුෂිල්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඇප ලබාදිය නොහැකි වරෙන්තු නිකුත් කිරීමට නව දිල්ලි අධිකරණයද කටයුතු කර ඇතැයි සඳහන්.

ඉන්දියාව වෙනුවෙන් 2008 බිජීං ඔලිම්පික් උළලේ දී ලෝකඩ පදක්කමද, 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේ දී රිදී පදක්කමද ඔහු මල්ලව පොර තරඟ වෙනුවෙන් හිමි කරගෙන ඇති අතර රාජ්‍ය ගෞරවයන්ද ලබා තිබේ.

Rate this item
(0 votes)