May 17, 2024

ඉන්දියාවෙන් පෙරළිකාර හඳුන්වා දීමක් : කොරෝනාවට එන්නතක් වෙනුවට බීමට ඖෂධයක්

ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය (ඩී.ආර්.ඩී.ඕ) විසින් කොරෝනා වෛරසයෙන් ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා ඖෂධයක් නිෂ්පාදනය කර තිබේ. 2-ඩියෝසි-ඩී-ග්ලූකෝස් (2-deoxy-D-glucose) හෝ 2-ඩීජී (2-DG)  නමින් මෙම ඖෂධය හඳුන්වා දී තිබේ.

මෙම ඖෂධය හදිසි භාවිතය සඳහා මේ වන විටත් අවසර ලබා දී ඇති අතර, ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං විසින් සඳහන් කර තිබුණේ මෙම ඖෂධයෙන් මාත්‍රාවන් දස දහසක් මේ වන විටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බවයි.

මෙම ඖෂධ නිෂ්පාදනය කර තිබුණේ ඩීආර්ඩීඕ විද්‍යාගාරය සහ හයිද්‍රාබද්වල පිහිටි ඉන්දියානු ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ආචාර්ය රෙඩීස් රසායනාගාර සමඟ එක්වයි. 

පසුගිය වසරේ මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදු කරන ලද දෙවන අදියර අත්හදා බැලීම්වලදී කොවිඩ්-19 රෝගීන් සඳහා මෙම ඖෂධය ආරක්ෂිත බව සොයා ගැනීමට මෙය නිර්මාණය කළ කණ්ඩායමට හැකියාව

ග්ලූකෝස් ආකාරයෙන් ඇති මෙම ඖෂධය හට වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බවට එය නිෂ්පාදනය කළ පර්යේෂකයක් පෙන්වා දෙයි. ජලයේ දිය කිරීමෙන් මෙම ඖෂධය පානය කිරීමට හැකිය. 

කොවිඩ්-19 සඳහා මේ වනතෙක් ස්ථීර ප්‍රතිකාරයක් නොමැතිව අතර ලෝකයේ වෛද්‍යවරුන් විසින් දැනට භාවිත කරනු ලබන සීමිත ප්‍රතිකාර අතරට මෙම නව ප්‍රතිකාරයත් එකතු වනු ඇති බවට පර්යේෂකයන් සඳහන් කර තිබේ. 

Rate this item
(0 votes)