May 02, 2024

සෙල්ෆියක් බෝට්ටුවක් කණපිට හරවයි - 07 දෙනෙකුටම දිවිත් අහිමි වෙයි

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ සෙල්ෆියක් ගැනීමට ගොස් බෝට්ටුවක් පෙරළි යෑමෙන් අවාසනාවන්ත අනතුරක් වාර්තා වී තිබේ.

මෙලෙස බෝට්ටුව පෙරළෙන අවස්ථාවේ එහි පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිට තිබෙන බව සඳහන් වෙන අතර එය පෙරළි ගිය බෝ්ට්ටුවට දරා ගත නොහැකි ප්‍රමාණයක් බව ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබුණි.

මෙම 20 දෙනාම එක්ව යාත්‍රාවේ එක් පැත්තකට පැමිණ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම උත්සාහ කර ඇති අවස්ථාවේ යාත්‍රාව එම පැත්තට පෙරළී ගොස් තිබේ.

සිදුවීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවට සඳහන් වෙන 11 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත්වී තිබේ.

තවත් පුද්ගයින් 02 දෙනෙකු අතුරුදහන්ව ඇති බව සඳහන් වෙයි.

ඉන්දුනීසියාව ආශ්‍රිතව දූපත් 17,000ක් පමණ ඇති අතර එම දූපත් ආශ්‍රිතව ප්‍රමිතියකින් තොරව පවත්වා ගෙන යන බෝට්ටු සේවා බොහෝ පෙරළි යන බවත් බෝට්ටු අනතුරු සුලභ දෙයක් බවට පත්ව ඇති බවත් බලධාරීන් පවසා සිටියි.

පෙරළි ගිය යාත්‍රාවේ සිට මිය ගිය අයගේ දේහයන් රැගෙන එන අයුරු පහතින්,

Rate this item
(0 votes)

Related items