April 26, 2024

තවත් පාස්කු ඉරුදින ප්‍රහාරයක්! ඉන්දුනීසියා බෝම්බ ප්‍රහාරයේ CCTV දර්ශන එළියට

ඉන්දුනීසියාවේ මාකසාර්හි කතෝලික පල්ලියක් ඉදිරිපිට සිද්ධ වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

පාස්කු ඉරිදා පළමු දිනය වන පාම් ඉරිදා දේව මෙහෙය පවත්වන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පල්ලියට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ පිපිරීමක් සිදුව ඇති බව මාකසාර්හි  පොලිසිය පවසයි.

විනාශ වූ යතුරුපැදියක් සහ ශරීර කොටස් එම ස්ථානයේ තිබී සොයා ගත් අතර පොලීසිය පැවසුවේ ප්‍රහාරකයින් දෙදෙනා මියගොස් ඇති බවයි.

ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක සටන්කාමී විසින් මීට පෙරද පල්ලිවලට පහර දී ඇති නමුත් මෙම ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් ඇති බවට තවමත් තහවුරු වී නොමැත. 

ඉන්දුනීසියාවේ ආගමික කටයුතු අමාත්‍ය යාකුත් චොලිල් කෞමාස් මෙම ප්‍රහාරය හෙළා‍ දකිමින් පවසා තිබුණේ පූජනීය ස්ථානවල ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බවයි.

"කුමන චේතනාවක් තිබුණත්, මෙම ප්‍රහාරය කිසිදු ආගමකට සාධාරණීකරණය කළ නොහැකිය. මන්ද එය අනෙක් අයට හානියක් පමනි." යැයි අමාත්‍යවරයා විසින් පවසා සිටියේය.

අද (28) දිනයේ උදසෑන 10.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙහිදී සැකකරුවන් යතුරුපැදිවල බෝම්බ රැගෙන පල්ලියට ඇතුළු වීමට උත්සාහ ගෙන තිබුණත් එය ව්‍යර්ථ වීම හේතුවෙන් බෝම්බය පල්ලියෙන් පිටත ගේට්ටුව අසළම පුපුරා යන ආකාරය සිසිටීවි දර්ශන සටහන්ව තිබේ.

එම අවස්ථාවේ CCTV දර්ශන පහතින්,

Rate this item
(0 votes)

Related items