April 26, 2024

ඉන්දුනිසීයාවේ සිනාබුන්ග් ගිනි කන්දෙන් අළු වළාවන් අහසට නිකුත් වෙයි

ඉන්දුනීසියාවේ සිනාබුන්ග් ගිනි කන්ද අද (02) දිනයේ සක්‍රීය වීමේ ලක්ෂණ ආරම්භ කරමින් ්‍ කිලෝමීටර 3 ක් (සැතපුම් 1.86) තරම් උස අළු වලාකුළක් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. 

එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පසුව සිදු වූ පළමු විශාල පිපිරීමයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට සිනාබුන් කන්දෙහි ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති අතර උතුරු සුමාත්‍රා පළාතේ ගිනි කන්ද පිළිබඳ අනතුරු ඇඟවීම දෙවන ඉහළම මට්ටම දක්වා ඉහළ දමා තිබේ.

ගිනි කන්දේ ආවාටයේ සිට අවම වශයෙන් කිලෝමීටර 3 ක්වත් ඈතින් රැඳී සිටින ලෙස බලධාරින් විසින් මීට පෙර ජනතාවගෙන් ඉල්ලා සිටි බැවින් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව ඉන්දුනීසියාවේ ගිනිකඳු සමීක්ෂණය ට්විටර් වෙබ් අඩවියේ දැක්වේ.

ගිනි කන්දේ මෙම දැඩි ක්‍රියාකාරීත්වය හේතුවෙන් බොහෝ දෙනෙක් බියට පත්ව සිටින බවත් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි.

වෙනත් කිසිදු රටකට වඩා ඉන්දුනීසියාව තුළ පමණක් සක්‍රීය ගිනි කඳු 130 කට ආසන්න සංඛ්‍යාවක් පවති.




Rate this item
(0 votes)

Related items