April 24, 2024

ලෝකය සංවේදී කරමින් මරණයට පත් වූ ඉන්දුනීසියානු සබ්මැරීන් සෙබළුන් අවසන් මොහොතේ කියූ ගීතය (VIDEO)

පසුගිය 21 වැනිදා ඉන්දුනීසියාවට අයත්  KRI Nanggala 402 යන යුධ සබ්මැරීනය බාලි සාගරයේදී අතුරුදහන් වුයේ ටෝපිඩෝ අභ්‍යාසයක් සඳහා පුහුණුවීම් කරමින් සිටියදීය.

මෙම සබ්මැරීන් යාත්‍රාව අතුරුදහන් වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය ලෙස සෙබළුන් 53 දෙනෙකු සිට තිබේ. යාත්‍රාව ගිලී යාමට හේතුව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

මෙම අතුරුදහන් වූ සබ්මැරීන් යාත්‍රාව සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර පසුගිය 22 වැනිදා වන යාත්‍රාව අඩි 2,300ක් (මීටර් 700ක්) පමණ සාගර පත්ලේ ඇති බවට අනාවරණය කරගෙන තිබුණි. 

වසර 44කට පෙර නිර්මාණය කර තිබූ මෙම සබ්මැරීන් යාත්‍රාව යුද අභ්‍යාසවලට යෙදවීම ගැන එරට බොහෝ දෙනාගෙන් ඉන්දුනිසියානු බලධාරීන් වෙත චෝදනා එල්ල වී තිබුණි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය මෙම සබ්මැරීන් යාත්‍රාව මුදාව ගැනීම සඳහා සිය දායකත්වය සපයා තිබූ බවත් සඳහන් වෙයි.

නමුත් පසුගිය ඉරිදා 25 දිනයේ දී සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් සාගර පත්ලේ ඇති පීඩනය හමුවේ කේ.ආර්.අයි නන්ගල 402 සබ්මැරීන් කොටස් 03කට බිඳී විනාශ වී ගොස් තිබු බවට ඉන්දුනීසියානු නෞක බලධාරීන් විසින් අනාවරණය කළේය.

මෙම අනාවරණයෙන් පසුව යාත්‍රාව තුළ සිටි නාවිකයන් ද මිය ගිය බවට ප්‍රකාශ කළ අතර ලෝකයේ බොහෝ දෙනෙකු මෙම සිදුවීම සමඟ කම්පාවට පත්විය.

අද (27) දිනයේ දී ඉන්දුනීසියානු නෞවිකා හමුදාව විසින් එම සබ්මැරීන් යාත්‍රාවේ සිටි සෙබළුන් විසින් මිය යන්නට දින කිහිපයකට පෙර ගායනා කළ ශෝක ගීතයක් මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

“මම තවමත් සුදානම් නැහැ ඔබව මඟ හැරගන්න..මම ඔබ නැතුව ජීවත් වෙන්න තවමත් සුදානම් නැහැ..මම ඔබට සුබ පතනවා..” ලෙසින් මිය ගිය නාවික සෙබළු සියලු දෙනා එක්ව ගිටාරයක් වාදනය කරමින් ගායනා කරන ආකාරය එම වීඩියෝවේ දැක්වූ අතර එය බොහෝ දෙනෙකු සංවේදී කළ සිදුවීමක් විය.

එම සංවේදී වීඩියෝව පහතින්,

Rate this item
(3 votes)

Related items