April 19, 2024

"ඔහු කවදාවත් එහෙම හැසිරිලා නැහැ" - අතුරුදහන් වූ ශ්‍රීවිජය ගුවන් යානයේ ප්‍රධාන නියමුවාගේ ඥාතින් කියන කතාව

ඉන්දුනීසියාවේ ජර්කතා නුවර සාගරයට ඉහළ අහසේ දී පියාසැරිය ආරම්භ කර විනාඩි 4ක පමණ කාලයකින් පමණ අතුරුදහන් වූ ශ්‍රීවිජය එස්.ජේ. 182 ගුවන් යානයේ ප්‍රධාන නියමුවාගේ පිළිබඳව ඔහුගේ ඥාතින් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.

54 හැවිරිදි වියේ පසු වූ කැප්ටන් අෆ්වාන් නිවෙස් පිටත් ව තිබුණේ කලබලයෙන් බව ඔහුගේ බෑණනුවන් පවසා තිබුණි.

ඔහු සාමාන්‍යයෙන් පිළිවෙළට වැඩ කරන පුද්ගලයෙකු බවද ප්‍රධාන ගුවන් නියමුවාගේ බෑණනුවන් පවසා තිබුණු අතර ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ගුවන් යානය අතුරුදහන් වන දිනයේ දී ඔහු රාජකාරියට යාමට පෙර ඔහුගේ කමිස පවා ඔහු නොමැද සිටි බවයි.

ඔහු කිසිදු දිනක එසේ හැසිරී නොමැති බවද පවසා තිබුණි.

එමෙන්ම ඔහු පිටත්ව යාමට පෙර තමන්ගේ දරුවන් තිදෙනාගෙන් සමාව ඇයද සිටි බවටද පවසා තිබුණි.

1987 වසරේ දී ඉන්දුනීසියා ගුවන් හමුදාවේ සිය පියාසර වෘත්තිය ආරම්භ කළ අතර පසුව වාණිජ ගුවන් සේවයට එකතුව ඇත.

ඔහු දැඩි ඉස්ලාම් භක්තිතයෙකු ද වන බව සඳහන් වෙයි.

ඔහු අසල්වාසීන් අතර හොඳ නමක් දිනාගෙන සිටි පුද්ගලයෙකු බවත් ඔහු ඉතාමත් ගුණ ගරුක යහපත් පුද්ගලයෙකු බවත් අසල්වාසීන් විසින්ද පවසා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 January 2021 10:13

Related items