April 26, 2024

දැවැන්ත පූජා භූමියක් දින 15කින් දැවැන්ත දැඩිසත්කාර ඒකකය වුණු හැටි (PHOTOS)

ඉන්දියාවේ සම්ප්‍රාදයික පූජා උත්සව සහ සංස්කෘතික කටයුතු සඳහා යොදා ගන්නා භූමියක් තුළ ඇඳන් 500කින් යුතු දැවැන්ත දැඩි සත්කාර ඒකකයක් තාවකාලිකව නිර්මාණය කිරීමට ඉන්දියානු වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ කම්කරුවන් කටයුතු කර තිබේ.

මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නවදිල්ලි නුවර සාම්ප්‍රදායික රාම්ලීලා උත්සවය පවත්වනු ලබන මෙම භූමියේ මෙම තාවකාලික දැඩි සත්කාර ඒකකය නිර්මාණය කිරීම සඳහා දින 15ක් ගත වී තිබේ.

මෙම රෝහල ඉදි කළ භූමිය ආගමික උත්සව, සංස්කෘතික උත්සව, දේශපාලන රැලි ඇතුළු වැදගත් අවස්ථාවන් බොහෝමයක් පවත්වන භූමියක් බවත් සඳහන්.

මේ වන විට ඇඳන් 250ක් ක්‍රියාකාරී ලෙස භාවිතයට ගත හැකි බවත් ඉතිරි 250ක ප්‍රමාණය ඉදිරි දින දෙක තුළ ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන බවත් ප්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් විසින් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව තුළ දෙවෙනි කොරෝන වසංගත රැල්ලෙන් දැඩිවම පීඩා විඳි ස්ථානය බවට නවදිල්ලි නුවර පත් වූ අතර රෝහල් තුළ රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වූ සියලු ඉඩකඩ පවා අහිමි වී ගොස් තිබුණි. එමෙන්ම දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවයට ළඟා වීම නිසා රෝගීන්ට හදිසි ප්‍රතිකාර අහිමිව මියගිය අවස්ථාවන්ද වාර්තා වෙයි.

ප්‍රාන්ත අමාත්‍යවරයා විසින් තාවකාලික රෝහල ඉදි කිරීම සඳහා දායකත්වය දුන් වෛද්‍යවරුන්, කම්කරුවන් ඉංජිනේරුවන්ට සිය ආචාරය පුද කර තිබෙන බවත් සඳහන් වෙයි.

මේ වන විට නවදිල්ලි නුවර තුළ ගෙවී ගිය පැය 24 තුළ පමණක් රෝගීන් 8500ක් වාර්තා වී තිබේ. අප්‍රේල් 10 වැනිදාට පසුව එම අගය 10,000ට අඩු වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

තාවකාලික ඉදි කරන ලද රෝහල ප්‍රාන්ත මහා ඇමතිවරයා නිරික්ෂණය කරමින්, 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 22:18