May 17, 2024

ගංඟා දිගේ මළ සිරුරු ගසාගෙන ඒම වැඩි වෙයි - බලධාරීන් අවසානයේ ගත් තීරණය

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් විසින් බිහාර් ප්‍රාන්තය සහ උත්තර් ප්‍රදේශ් වෙන කෙරෙන සීමාවෙන් ගංඟා නම් ගඟ හරහා දැලක් ඇදීමට කටයුතු කර තිබේ.

බිහාර් ප්‍රාන්තයේ රෝහල් සේවකයින් පිරිසක් විසින් ගංඟාවට කොරෝනා හේතුවෙන් මිය ගිය අයගේ සිරුරු බැහැර කිරීමත් සමඟ ඇති වූ අර්බුදය හමුවේ උත්තර් ප්‍රදේශ් බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබේ.ෙ

මේ වන විට ගංඟා නම් ගං ඉවුරේ තිබී මිය ගිය පුද්ගලයින් 100කට පමණ අධික ප්‍රමාණයකගේ සිරුරු සොයාගෙන තිබේ.

එමෙන්ම උත්තර් ප්‍රදේශ් බලධාරීන් විසින් ප්‍රාන්ත සීමාව අසළ මෘත දේහ ගංඟාවට බැහැර කරන්නන් හඳුනා ගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.

Rate this item
(0 votes)