May 17, 2024

මාවෝවාදී කැරලිකරුවන් පිරිසක් අභිරහස් ලෙස මිය යයි - තවත් වසංගතයක් දැයි සැකයක්

ඉන්දියාවේ සිටින කැරලිකරුවන් පිරිසක් වන මාවෝවාදී කැරැලිකරුවන් දස දෙනෙකු අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ.

ආහාර විෂ වීමකින් මෙම කැරැලිකරුවන් මිය යන්නට ඇති බවටත් නැතහොත් ඉන්දියාවේ පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් මිය ගියාද යන්න පිළිබඳව මේ වන විට සැකයක් ඇතිව තිබේ.

අන්ද්‍රා ප්‍රාන්තයේ සුක්මා දිස්ත්‍රික්ක මායිමට වන්නට පිහිටි වනාන්තරය තුළ මෙලෙස මිය ගිය මාවෝවාදී කැරැලිකරුවන් 10 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර අනිකුත් කැරැලිකරුවන් විසින් මෙම සිරුරු ගිනි තබා තිබූ බවද සඳහන් වෙයි‍ෙ

මේ අතර ඉන්දියානු ආරක්ෂක අංශ විසින් සඳහන් කර තිබුණේ මාවෝවාදීන්ගේ ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකුම කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින් සිටින බවයි.

කැරැලිකරුවන් විසින් විසින් ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රැස් කිරීම සඳහා අසල පිහිටි ගම්මානවලට එන බවත් මේ හේතුවෙන් ගම්වැසියන් අතරත් වෛරසය පැතිර යාමේ අවදානමක් ඇතිවී ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.

මේ හේතුවෙන් තවත් වසංගත තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවද ඉන්දීය ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මාවෝවාදීන් යටත් වන්නේ නම් ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සුදානම් බවද ආරක්ෂක අංශ විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 23:32