May 17, 2024

 කොරෝනා නිසා මිය ගිය අයගේ සිරුරු ගිලන් රථවලින් ගෙනවිත් ගංඟාවලට විසි කරලා - ඉන්දියාව කැළඹූ වීඩියෝව මෙන්න

ඉන්දියාවේ කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු රෝහල් නිලධාරීන් විසින් ගංඟාවලට විසි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට ඉන්දියානු සමාජ මාධ්‍ය කළඹමින් තිබේ.

ඊයේ (10) දිනයේ දී උත්තර් ප්‍රදේශ් හී බක්සාර් ප්‍රදේශයේ ගංඟා නම් ගං ඉවුර දෙපස මෙලෙස මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩ ගසා තිබීමත් සමඟ මෙම වීඩියෝව සම්බන්ධව ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ.

බිහාර් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජනර්ධන් සිං සිග්‍රිවාල් චෝදනාවක් එල්ල කරමින් පවසා සිටියේ කොරෝනා නිසා මිය ගිය අයගේ සිරුරු ගිලන් රථ රියදුරන් විසින් ගෙනවිත් ගංඟාවලට විසි කරන බවයි. 

එමෙන්ම ගිලන් රථ රියදුරන් විසින් මෙම ගං ඉවුරු දෙපස ගොඩ ගැසූ සිරුරු ගංඟාවලට විසි කරාදැයි සොයා බලා පරික්ෂණයක් සිදු කරන ලෙස තමන් දිස්ත්‍රික් බලධාරීන්ට දන්වා සිටි බවද මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් පවසා තිබේ.

මෙම සිරුරු විසි කරා යැයි සැක කෙරෙන ස්ථානය අසළ ප්‍රදේශවාසීන් විසින් සඳහන් කර සිටියේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තයන් දෙකේම ගිලන් රථ රියදුරන් එම ස්ථානයට පැමිණ මෙලෙස මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් විසි කිරීම සිදු කරන බවයි.

මළ සිරුරු ආදාහනය කිරීම සඳහා දරවලට අය කරන අධික මිල ගණන් හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් මළ සිරුරු ගඟට විසි කරන බවට මුලදී සැක පළ වුණත් පසුව බලධාරීන් විසින් එය අසත්‍යයක් බවට ප්‍රකාශ කර සිටි අතර දේහ ආදාහනය සඳහා අවශ්‍ය පරිදි දර ඇති බවත්, දේහයන් ආදාහනය කිරීම සඳහා ඉඩපහසුකම්වල ගැටලුවක් නොමැති බවත් ඔවුන් සඳහන් කර සිටියහ.

මෙම මළසිරුරු පාශ්චාත් මරණ පරික්ෂණයට ලක් කළත් ඒවා හඳුනා ගත නොහැකි අයුරින් විනාශයට පත්ව ඇති බැවින් එම සිරුරු සඳහා DNA පරික්ෂණයක් සිදුකිරීමට නියමිත බවද බලධාරීන් විසින් සඳහන් කර තිබේ.

ගිලන් රථවලින් ගෙනත් මිය ගිය පුද්ගලයින් ගඟට විසි කරන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)