May 17, 2024

නූතන විශාලා මහ නුවර ගං ඉවුරු දෙපසට තවත් මිනී 71ක් ගොඩ ගසයි

නූතන විශාලා මහනුවර බවට පත්ව ඇති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී “ගංඟා” නම් ගඟ ඉවු දෙපස තවත් මිනී 71ක් පමණ ගොඩ ගසා ඇතැයි වාර්තා වෙයි.

බිහාර් ප්‍රාන්තය සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සීමාව වෙන් වන ස්ථානයේ ඇති පාලමක් ආසන්නයේ මෙලෙස කොරෝනා හේතුවෙන් මිය ගිය බවට සැක කරන පුද්ගලයින්ගේ මළ සිරුරු ගොඩ ගසා තිබී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත දෙක තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිව ඇති අතර ප්‍රාන්ත රජයන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි.

මෙම මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු රැගෙන ගොස් විශේෂ පශ්චාත් මරණ පරික්ෂණයක් ද පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඊයේ (10) දිනයේ දී උත්තර් ප්‍රදේශ් හී ගංඟා නම් ගඟ ඉවුර වෙත මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 40ක් පමණ ගොඩ ගසා තිබුණු අතර තවත් බොහෝ සිරුරු මෙලෙස ගංඟාවට දමා ඇතැයි සැක කෙරේ.

Rate this item
(0 votes)