June 14, 2024

දමිල සිනමාවේ ප්‍රබලයන් රැසකගේ සොසුසුම් මැද ඉන්දීය විකට නළුවා ජීවිතය හැර යයි

දමිල සිනමාවේ දැවැන්ත චිත්‍රපට රැසක ප්‍රහසන රංගන ශිල්පියෙකු, සහාය රංගන ශිල්පියෙකු සහ පසුබිම් ගායකයෙකු ද වූ ජනප්‍රිය කලාකරුවෙකු වූ විවේක් 59 වැනි වියේ දී සිය ජීවිතයෙන් සමුගෙන ඇත. 

ඊයේ (16) දිනයේ දී ඔහු හදිසි හෘද ආබාධයක් හේතුවෙන් චෙන්නායි හී රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.

එහිදී ඔහුගේ හදවත සහ පෙනහළු දුර්වලව පැවැතීම නිසා ඔහුව විශේෂ යන්ත්‍රයකට (ECMO යන්ත්‍රය) සම්බන්ධ කර තිබූ අතර වෛද්‍යවරුන් රැසක්ද ඔහුගේ තත්ත්වය අධීක්ෂණය සඳහා යොදවා තිබුණි.

නමුත් සියලු උත්සහායන් ව්‍යර්ථ කරමින් ඔහු ජීවිතයෙන් සමුගෙන තිබේ.

විවේක්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දමිල සිනමාවේ ප්‍රබලයන් රැසක්ම ශෝක ප්‍රකාශයන් ද නිකුත් කර තිබේ.

එහිදී දමිල සිනමාවේ සුපර් ස්ටාර් වන රජිනි කාන්ත් විසින් ට්විටර් සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමන්ගේ ළඟම මිතුරෙකු වූ විවේක්ගේ සමු ගැනීම තමන්ට දරා ගත නොහැකි වේදනාවක් බවයි.

කමල් හසන්ද ට්විටර් සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ විවේක් යනු රංගනයට එහා ගිය සමාජ වගකීම තම කලාව තුළින් පිළිබිඹු කළ අයෙකු බවයි.

ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල කලාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

සැබැඳි පුවත -

දකුණු ඉන්දීය සුපිරි විකට නළුවා හදිස්සියේම රෝහලට - ජීවිත රැක ගන්න යන්ත්‍රයකට භාර දෙයි

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 April 2021 12:24