April 27, 2024

ජීනිවා යෝජනාවේදී ලංකාවට එරෙහි නොවූ නිසා ඉන්දීයාවේ දේශපාලන අර්බුදයක්

ඊයේ (23) පැවැති ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවා යෝජනාවලියට ඡන්දය ලබා දීමෙන් ඉන්දීයාව වැළැකී සිටීමත් සමඟ එරට දේශපාලනය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු තමිල්නාඩු දේශපාලන තුළ ජ්‍යේෂ්ඨ දේශපාලකයෙකු වන පී.චිතම්බරම් විසින් ප්‍රකාශ කර ඇත්තේ ජීනිවා යෝජනාවට පක්ෂව ඡන්දය ලබා නොදීම තුළින් ඉන්දියානු පාලකයන් දෙමළ වැසියන්ට හට ද්‍රෝහි වී ඇති බවයි.

එමෙන්ම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා නොදුන් ඉන්දීයානු භාරතීය පක්ෂයට දඬුවම් ලබා දීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩු දෙමළ ජනතාව පෙළගැසිය යුතු බවද ඔහු විසින් ට්විටර් පණිවිඩයක් හරහා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම චිතම්බරම් විසින් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වන ආචාර්ය එස්.ජයශන්කර් හට චෝදනා කරමින් පවසා ඇත්තේ ඔහු විසින් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන්ට පිටුපෑ බවත්, ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය නොදීමට විදෙස් ඇමතිවරයා විසින් ඉන්දියානු ජීනිවා නියෝජිතයන්ට බල කර සිටි බවත් ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

ඊයේ පැවැති ජීනිවා සම්මුළුවේ දී ලංකාවට එරෙහි ජීනිවා යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 11ක් පමණයි. එහිදී ඉන්දියාව සහ ජපානය ඡන්දය දීමෙන් වැළැකී සිටියහ.

පී. චිතම්බරම්ගේ ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)