April 26, 2024

පළමු වතාවට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ගත්ත ඉන්දීය අගමැති බෙහෙත විද්ද හෙදියට කළ සරදම

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) දිනයේ දී කොරෝනා වෛරසය සඳහා වූ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන තිබේ.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ "කොවිඩ්-19 සඳහා මගේ පළමු මාත්‍රාව වන එන්නත AIIMS හි දී ලබා ගත්තා. COVID-19 ට එරෙහි ගෝලීය සටන ශක්තිමත් කිරීම සඳහා අපගේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් ඉක්මණින් කටයුතු කළ ආකාරය කැපී පෙනේ. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු දෙනාටම මම ආයාචනා කරමි. අපි ඉන්දියාව කොවිඩ්-19 තොර කරමු! ” ලෙසිනි.

මෙම එන්නත ගන්න අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුට එන්නත ලබා දුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ සුහදව කතාබහ කිරීමටද කටයුතු කර තිබුණු අතර අග්‍රාමාත්‍යවරයාට එන්නත විදින ලද හෙදියටද ඔහු සරදම් කර තිබුණි.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා තිබුණේ “විදලාත් ඉවරයිද? මට දැනුණේවත් නැහැනේ” යනුවෙනි.

පී නිවේදා නම් මෙම හෙදිය සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (AIIMS) හී සේවයට පැමිණ වසරක් වන අතර අද ඇයව සේවයට කැඳවා තිබුණේ විශේෂ පුද්ගලයෙකු පැමිණෙන බව පවසමිනි. එහිදී අග්‍රාමාත්‍යවරයා පැමිණෙන බවට පසුව දැනුම් දුන් බවත් තමන් සතුට පත් වුණු බවත් අග්‍රාමාත්‍යවරයාට එන්නත ලබා දීමට හැකි වීම ආඩම්බරයට කරුණක් බවත් ඇය සඳහන් කර සිටියාය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා දෙවෙනි එන්නත තවත් දින 28කින් ලබා ගත යුතු බවද ඇය පවසා සිටියාය.

Rate this item
(0 votes)